Articles

කඩවර අඩවියේ සිට…

In Uncategorized on ජූනි 5, 2010 by කඩවර

කඩවර අඩවිය යනු ඔබ හමුවට එන නවතම බ්ලොග් අඩවියකි. බ්ලොග් අඩවිය අලුත් වූවාට මෙහි ලේඛකයා බ්ලොග්කරණයට නවකයෙක් නොවේ. ඔහු දැනුදු සිංහලෙන් වෙනත් බ්ලොග් අඩවියක් (කලාතුරකින්) ලියයි. ඒ කුමක්දැයි මෙහි සඳහන් කිරීම අවශ්‍ය නොවනු ඇතැයි සිතමි. යථා කාලයේදී පවතින වාතාවරණය මත එය සිය පාඨකයන් හමුවේ එලිදරවු කිරීමට ලේඛකයා අදහස් කරයි.

කඩවර අඩවියේ ඒකායන පරමාර්ථය ලේඛකයාගේ මනසේ ජනිත වන සාමාජයීය විවරණ හා අදහස් බ්ලොග් පාඨකයන් අතර බෙදාහදා ගැනුමයි. ලාංකික සමාජය අද ගුඩු පොල් ගෙඩියක්වී ඇත්තේ මේ රටේ චින්තකයන්ගේ හිඟය නිසාවෙනි. නිදහස්ව සිතන්නෝ මෙරට අද හිඟ වෙති. බහුතරය කැමති වන්නේ තවත් අයෙකුගේ අනුගාමිකයන් වීමට විනා නිදහස් මතයක් දැරීමට නොවේ. එවන් අවධියක මිනිසුන් නිදහස් අදහස් වෙත යොමු කිරීම තම කර්තව්‍යයක් ලෙස ලේඛකයා සිතයි. එහෙයින් හේ කඩවර අඩවිය නම් බ්ලොග් අඩවිය පාඨකයන් වෙත ගෙන ඒමට අදහස් කරයි.

කඩවර අඩවියේ විවේචන අන්තර්ගත විය හැකිය. විවේචනයෙන් තොර සමාජයීය විවරණ නොමැති නිසාවෙනි. නමුත් ඒ නූතනයේ ඇතැම් “විවේචක බ්ලොග්කරුවන්“ කරන්නාක් මෙන් ඉලක්කයේ පෞද්ගලික ජීවිතය, ලිංගිකත්වය, ආදිය සම්බන්ධයෙන් නොවේ. විවේචනය සිදුවිය යුත්තේ ඉලක්කයේ සමාජයීය ක්‍රියා පටිපාටිය සඳහා බව කඩවර අදහස් කරයි. එහෙයින් හේ විවේචනය කරනුයේ කරුණු කාරනා පැහැදිලිව ගෙනහැර දක්වමින් සුහද වශයෙන් විනා ද්වේෂයෙන් නොවේ.

අගය කල යුතු, වර්ණනා කල යුතු දෙය එකහෙලා අගය කිරීමටත් වර්ණනා කිරීමටත් කඩවර කිසිවිටක නොපැකිලේ.

මෙය ලියන කඩවර ද මනුෂ්‍යයෙකි. කෙළෙසුන් දුරු කල පුද්ගලයෙකු නොවේ. මනුෂ්‍යයා තුල හොඳ නරක දෙකම සම්මිශ්‍රව ඇත. කඩවරයා තුල දෙවියා හා යක්ෂයා සම්මිශ්‍රව ඇත්තාක් මෙනි. එහෙයින් කඩවර අතින් වැරදි සිදුවිය හැකිය. ඒ වැරදි පෙන්වා දීමට මෙහි කමෙන්ටු තීරය විසිහතර පැය පුරා විවෘතව පවතී.

පලමු ලිපිය සමගින් එනතුරු ඔබ සැමගෙන් තාවකාලිකව සමුගනිමි.

Advertisements

5 Responses to “කඩවර අඩවියේ සිට…”

  1. හොඳයි ඒකත් බලමු නේද? මේ පරමාර්ථ වෙනස් නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා

  2. බලමු බලමු ඔහොම තමයි මුලදි හැමෝම කියන්නෙ……මචන් කල්‍රවර අඩවිය කියල එකකුත් තියනව නිකං පැටලෙනව වගේ

  3. අපි ඔබත් එක්ක ඉන්නවා දිගටම ලියන්න….සුබ පතනවා….දිගු ගමනකට…

  4. Ko?

  5. කකා කිව්වත් වගේ කෝ??????

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: